බස් රථයක් ප්‍රපාතයකට පෙරළිලා-30කට තුවාලයි

2018-02-27 03:37:00       773
feature-top
වලපනේ, තෙරිපැහැ, අඹන්වැල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබේ.

තෙරිපැහැ සිට නීලදණ්ඩාහින්න දක්වා ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් මෙලෙස පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබු පුද්ගලයින්ගෙන් 16 දෙනෙකු මේ වන විට නීලදණ්ඩාහින්න රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තෙරිපැහැ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »