මේ මොහොතේ කුමන්ත්‍රණකාරී බලවේගවලට හසු වෙන්න එපා

2018-02-27 02:09:00       770
feature-top
අම්පාර නගරයේ ඊයේ (26) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ ආපන ශාලාවකින් ආහාර ලබාගැනීමේදී ඇති වූ මතභේදාත්මසක තත්ත්වයක් දුරදිග යාම හේතුවෙන් මෙම නොසුන්සුන්කාරී තත්ත්වය හට ගත්තේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් දයා ගමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ,

ඊයේ (26) රාත්‍රියේ අම්පාර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇති කර තිබේ.

රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ සාමය සංහිදියාව කඩා බිඳදැමීම මුල් කරගෙන ඇති වූ මෙම තත්ත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය වහා  මැඩපැවැත්වීමට මේ වන විටත් මා විසින් පියවර ගෙන ඇත.

මේ මොහොතේ කුමන්ත්‍රණකාරී බලවේගවලට හසු නොවී, බුද්ධියෙන් කටයුතු කරන ලෙස ජාතිහිතෛෂී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටී.



(under the courtesy of adaderana.lk news web)

More News »