දකුණු අප්‍රිකාවේ කැබිනට් මන්ඩල සංශෝධනයක්

2018-02-27 01:28:00       768
feature-top
දකුණු අප්‍රිකාණු නව ජනාධිපති සිරිල් රමපෝසා විසින් එරට කැබිනට් මන්ඩලයේ සංශෝධනයක් සිදුකර තිබේ.

එම කැබිනට් සංශෝධනයට අනුව හිටපු ජනාධිපති ජෙකොබ් සුමා විසින් අමාත්‍යධුරවලින් නෙරපා හරිනු ලැබු පුද්ගලයින් කිහිපදෙනෙකු යළි එම ධුර සඳහා පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය

ජෙකොබ් සුමා පාලන කාලයේ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද නල්නා නෙනේ යළි එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

එමෙන්ම දකුණු අප්‍රිකාණු නියෝජ්‍ය  ජනාධිපති ධුරය සඳහා දකුණු අප්‍රිකාණු ජාතික කොංග්‍රස් පාලන පක්ෂයේ උප සභාපති ඩේවිඩ් මබූසා නම් කර ඇති බව ද සඳහන්ය.

ජෙකොබ් සුමාගේ හිටපු බිරිඳක වන නෙකෝසානා ඩ්ලමිනිසූමා හට ද අමාත්‍ය  ධුරයක් හිමිව තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »