කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය අෂ්වින්ට

2018-02-27 01:27:00       541
feature-top
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිංග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රරන් අෂ්වින් පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පන්ජාබ් කණ්ඩායම විසින් මේ බව දැනුම් දී ඇත.

රවිචන්ද්‍රවන් අෂ්වින් මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක නායකත්වයට පත්ව නොමැති අතර මෙය ඔහුගේ පළමු නායකත්වය ලෙස සැලකෙයි.

31 හැවිරිදි රවිචන්ද්‍රවන් අෂ්වින් මේ වන විට ජාත්‍යන්තර 20/20 තරඟ 46කට සහභාගී වී කඩුලු 52ක් ලබාගෙන ඇත.

එමෙන්ම ඔහු එක්දින තරග 111කට සහභාගී වී කඩුළු 150ක් ද ටෙස්ට් තරඟ 57කට සහභාගී වී කඩුලළු 311ක් ද ලබා සිටීයි.

(under the courtesy of adaderana.lk news web)

More News »