රුපියල යට යයි වාහන මිල උඩ යයි

2018-02-27 01:24:00       771
feature-top
රුපියල අවප්‍රමාණයවීම හමුවේ නැවතත් වාහන මිල ගණන් ඉහල යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එංජින් ධාරිතාව අඩු වාහනයක මිල රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ යනු ඇති බව එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සදහන් කරයි.

එංජින් ධාරිතාව වැඩි වාහනවල මිල ලක්ෂ එක හමාරක් හෝ දෙකකින් ඉහළ යනු ඇති බවද හෙතෙම පවසයි.

ඒ අනුව වැගන්ආර් රථයක් රුපියල් ලක්ෂයකින් ද ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ දෙකකින් ද ඉහළ යාමට නියමිතය.

පසුගිය දිනවල පැවැති දේශපාලන අස්ථාවරබාවය සමග රුපියලේ අගය පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස සියලු ආනයන මිල ගණන් ඉහළ යමින් පවතී.



(under the courtesy of srilankamirror.lk news web)

More News »