අතුරුදන්ව සිටි පිරිමි දරුවාගේ මළ සිරුර කැළෑවකින් මතුවෙයි

2018-02-27 09:50:00       769
feature-top
වයස අවුරුදු 9 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත - ඉරණවිල,සමිදුගම පදිංචිව සිටි ජුවාන් පේඩිගේ සුධීර නිර්මාල් (අවු:9) ක පාසල් සිසුවෙකි.

පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණි.

කිසියම් අයෙකු දරුවාව කැදවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇත.

ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදහන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී 27 වැනිදා පෙරවරුවේ හමුවී තිබේ.

දරුවාව ඝාතනය කිරීමට පෙර කිසියම් අපරාධයක් සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

(under the courtesy of adaderana.lk news web)

More News »