සංවර්ධන නිලධාරී පත්වීම් කෝ?

2018-02-22 05:03:00       589
feature-top
රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා මාස 06 කට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් බඳවා ගැනීම් ආරම්භ කර නොමැතිබව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් රැකියා විරහිතව සිටින 53,000 ක් ඉක්මවූ උපාධිධාරීන් ඉච්ඡාභංගත්වයට පත්ව ඇති බව එම සංගමය කියා සිටියි.

මේ පිළිබදව බලධාරීන් සමඟ සාකච්ඡා කළ අවස්ථාවේ පෙබරවාරි 10 වන දායින් පසුව බඳවා ගැනීම් ආරම්භ කරන බව පැවසුවද තවමත් බඳවා ගැනීම් ආරම්භකරන බවක් හෝ පෙනෙන්නට නොමැති බවට සංගමය චෝදනාකර සිටියි.

බඳවා ගැනීම් කඩිනම් කරන ලෙසත් මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි



(under the courtesy of srilankamirror.lk news web)

More News »