කුවේට් සෙල්ලන් අදින් ඉවරයි

2018-02-22 04:57:00       594
feature-top
නීති විරෝධීව කුවේට් රාජ්‍යයේ රැදී සිටින ලාංකිකයින් ඇතුළු විදෙස් ශ්‍රමිකයින්ට එරටින් බැහැරවීමට ලබාදුන් පොදු සමා කාලය අද (22) අවසන් වෙයි.

පසුගිය ජනවාරි 29 වනදා සිට අද දක්වා එරට නීති විරෝධීව රැදී සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් මෙම සහන කාලය ආරම්භ විය.

අද දිනයෙන් පසු කුවේට් රාජ්‍යයේ නිති විරෝධීව රැදී සිටින ලාංකිකයින් ඇතුළු විදෙස් ශ්‍රමිකයින් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කුවේට් රජය නිවේදනය කර තිබේ.

15000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීති විරෝධීව කුවේට් දේශය තුළ රැදී සිටින බව අනාවරණවීමත් සමඟ මෙම පොදු සමා කාලය ආරම්භ කර තිබේ.

ඒ අතරන් 5785 දෙනකු පමණක් පෙරේදා දිනය වන විට එරටින් පිටවීම සඳහා වන තාවකාලික බලපත් ලබාගෙන ඇති බව කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත

අද දිනයෙන් පසු කුවේට් රාජ්‍යය තුල නීති විරෝධීව රැදී සිටින ලාංකිකයින්ට දඩ මුලකටද යටත්වීමට සිදුවන බව තානාපති කාර්යාලය අවධාරණය කරයි.



(under the courtesy of srilankamirror.lk news web)

More News »