නාමල්ට රට යන්න අවසර

2018-02-22 04:55:00       599
feature-top
මුදල් විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමට ලක්ව ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට විදේශ ගත වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (22) අවසර ලබා දුන්නා. ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් සදහා සහභාගි වීමට රුසියාව සහ නේපාලය යන රටවල සංචාරය කිරීමටයි මෙහිදී අවසර ලබා දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට චෝදනා එල්ල වී තිබුණේ අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටේෂන් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරනය කළ බවටයි. නාමල් රාජපක්ෂ ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවතින නඩුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි  නීතිමය පියවර දැන ගැනීමට පරීක්ෂණ උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මීට පෙර අධිකරණයට දන්වා තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »