හෙට කැබිනට් සංශෝධනයක් ?

2018-02-20 08:51:00       585
feature-top
කැබිනට් මණ්ඩල සංශෝධනයක් හෙට(21) දිනය තුළ සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ පැවති ගැටලුකාරී තත්ත්වය සමතයකට පත්වීමත් සමඟ ජනාධිපතිවරයා විසින් මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වෙයි.

මෙහිදි දැනට පුරප්පාඩුව පවතින අමාත්‍යාංශ සඳහා නව අමාත්‍යවරුන් පත්කිරීමට නියමිතව තිබේ.

බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දරන අමාත්‍යාංශ පමණක් සංශෝධනය වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන තුරු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවේ රැදී සිටීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙම කැබිනට් සංශෝධනය සිදුකිරීමට තීරණය කර තිබේ.

මේ අතර පවතින දේශපාලන වාතාවරණය පිළිබද පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඊයේ දිනයේදී ද මාධ්‍ය වෙත විවිධ අදහස් පල කළේය.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් පල කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »