පක්ෂ නායකවරු හා කථානායකවරයා අතර සාකච්ඡාවක්

2018-02-20 08:48:00       221
feature-top
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ‍පළාත් සභා මැතිවරණය සහ අවසන් වූ පළාත් පාලන මැතිවරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

පක්ෂ නායකවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වූ බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

සාකච්ඡාව සඳහා පලාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුලු පිරිසක් සහභාගී වී තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව නව පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීම සහ ඒ ඒ පක්ෂවල මන්ත‍්‍රීවරුන් පත් කිරීම මෙන්ම කාන්තා නියෝජනය පිළිබඳව ඇති වී තිබෙන අසමබරතාවන් නිරාකරණය කිරීම පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුවූ බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

ඉදිරි සති දෙක තුළ ඒ ඒ පක්ෂ විසින් පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම් කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වී ඇති බව සඳහන් වෙයි.

මෙවර යොදාගනු ලැබු මැතිවරණ ක‍්‍රමයේ අඩුපාඩු සහ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ දී මුහුණදීමට සිදුවූ ප‍්‍රමාදයන් පිළිබඳව ද මෙහිදි අවධානය යොමුව තිබේ.

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ දී භාවිත කරනු ලබන මැතිවරණ ක‍්‍රමය පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුවු බව කතානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »