ප්‍රදේශ රැසකට ඉදිරියේ එන ශීත කාලගුණක් ගැන කල් තියා දැනුවත් කෙරේ

2018-02-18 09:34:00       704
feature-top
ඉදිරි දින කිහිපයේ දී දිවයින ආශ‍්‍රිතව උදෑසන ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ශමිල් පේ‍්‍රමතිලකගෙන්.

"ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් තමයි අපේක්ෂා කෙරෙන්නේ. ඒ නිසා එම කාලසීමාවේදී ශීත උදෑසන සහ රාත්‍රි කාලයන් ඇති වේවි. කොහොම වුණත් අද පස්වරු 2.00 න් පසු ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම සමහර ප්‍රදේශවලදී උදේ කාලයේ මීදුම් තත්ත්වයක් ඇති වීමටද ඉඩ තියෙනවා."

(under the courtesy of nethnews.lk news web)

More News »