ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීමට අමෙරිකානු සහය

2018-02-18 08:53:00       754
feature-top
ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා අමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සම්පත් දායකයින්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් සකස් කළ ද්විපාර්ශවීය ගිවිසුමට අත්සන් තැබීම ඉදිරිදිනකදී කොළඹ දී සිදුකිරීමට නියමිතය. 

ඒ වෙනුවෙන් සාම බලකායේ ප්‍රධාන විධායක නිලධාරී ෂේලියා ක්‍රොව්ලි මහත්මිය දිවයිනට පැමිණීමට නියමිතය. 
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය පරිදි අමෙරිකානු සාම බලකායේ නියෝජිත පිරිසක් මීට පෙර 2017 මැයි 14 - 26 දිනවලදී ශ්‍රී ලංකාව තුළ සංචාරය කළ අතර එම නියෝජිත කණ්ඩායමේ නිර්දේශය මත අමෙරිකානු සාම බලකාය විසින් තම ස්වේච්ඡා වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

(under the courtesy of adaderana.lk news web)

More News »