බීමත් රියදුරාගේ වේගය නිසා දරු පවුලක් අනතුරේ

2018-02-17 03:56:00       269
feature-top
හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා ගිනිගත්හේනේ සිට හැටන් කොටගල දක්වා ධාවනය වූ යතුරු පැදියක ගැටී අනතුරට පත්වීමෙන් යතුරු පැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඊයේ (16) රාති‍්‍ර 11.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ  හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල ප‍්‍රදේශයේදීය.

අනතුර සිදුවන අවස්ථාවේ අඹුසැමි යුවළ සමඟ ඔහුගේ දරුවාද යතුරු පැදියේ ගමන් කර ඇතත් එම දරුවාට මෙම අනතුරෙන් කිසිඳු තුවාලයක් සිදුවී නොමැත.

බස් රථයේ රියදුරා බීමත්ව සිටි බවත් අධික වේගයෙන් බස් රථය ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය කිරීම නිසා යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුවී ඇත.

බස් රථයේ රියදුරු වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

(under the courtesy of adaderana.lk news web)

More News »