ශීත සෘතු ඔලිම්පික් වෙබ් අඩවියට හැකරු පනී!

2018-02-13 11:49:00       214
feature-top
මේ දින වල දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙලේ නිල වෙබ්අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලට ස්වල්ප මොහොතකට පෙර බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් මෙම උත්සවයේ රූපවාහිනී හා අන්තර්ජාල සේවා ද ඇණහිට තිබුණද, පැය 12ක් තුළදී එම සේවා යථා තත්ත්වයට පත්කිරීමට බලධාරීන් සමත් වී තිබේ.

කෙසේවෙතත්,මෙම ප්‍රහාරය සිදුකර ඇති පාර්ශවය තවමත් හෙළිදරව් වී නොමැත.

(under the courtesy of srilankamirror.lk news web)

More News »