ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්

2018-02-12 10:45:00       549
feature-top
ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 7ක් දිනා සිටී.

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි.

විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය.

ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි.

එහි මූලික වටයේ තරගයේදී ඔහු තත්තපර 10.28ක දක්ෂතාවක් දැක්වූ අතර එය මෙවර තරග සමයේදී ඔහුගේ හොඳ ම දක්ෂතාව ද වේ.

මේ අතර මීටර් 400 පිරිමි ධාවන ඉසව්වට එක් වූ තුෂාර ධනංජය එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 46.83ක දක්ෂතාවක් දක්වමිනි.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිලීප රුවන්ට හිමි විය.

මේ අතර හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ මීටර 75යි දශම 3.9ක දක්ෂතාවක් දැක්වූ සම්පත් රණසිංහටයි.

මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක් වූ උපමාලිකා රත්න කුමාරි ලෝකඩ පදක්කම හිමි වු අතර ඇය දැක්වූ දක්ෂතාව තත්පර 54.89කි.


(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

More News »