ඉන්දියාවට කඩුලු 06ක ජයක්

2018-02-02 09:07:00       362
feature-top
සත්කාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක‍්‍රිකට් තරගය කඩුලූ 06කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 269ක් රැස් කළා. ඉන්දීය කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 45යි පන්දු 03ක් අවසානයේ කඩුලූ 04ක් පමණක් දැවී පසුකරමින් තරගයේ ජය වාර්තා කළා.

නායක විරාත් කෝලි ලකුණු 112යි. තරග 06කින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා.




(under the courtesy of nethnews.lk news web)

More News »