යාපනයේදී ඉන්දීය ජනරජ දිනය සැමරෙයි

2018-01-28 04:35:00       724
feature-top
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු උතුරේ සියළුම දෙමළ දේශපාලනඥයින් මේ දිනවල ඉන්දියාව විවේචනය කරමින් ඉන්දියාවට බැණ වැදුණද 26 දා යාපනයේ පැවති ඉන්දීය ජනරජ දිනය සැමරීමේ උළෙලට මේ සියලුම දෙනා සහභාගි වී ඉන්දියාවේ ගුණ ගායනා කොට තිබේ.

යාපනයේ පෞද්ගලික හෝටලයක පැවති මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වා ඇත්තේද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී,විග්නේස්වරන් මහතා විසිනි.

දෙමළ ජාතික සන්ධානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද,ආනන්ද සංගරී මහතා ඇතුළු තවත් දෙමළ දේශපාලනඥයින් රැසක්ද මේ අවස්ථාවට සහභාගි වෙමින් ඉන්දියාව පිළිබඳව යහපත් ආකල්පයකින් යුතුව අදහස් දක්වා ඇතත් ඔවුන් සියළුම දෙනා පසුගිය සතියේදී ඉන්දියාවට දොෂාරෝපණය කළේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කිරීමේ ඇති අවශ්‍යතාවයේදී ඉන්දියාව මැදිහත් නොවීම අසාධාරණ ක්‍රියාවක් බව කියමිනි.

යාපනයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළෙද ප්‍රදර්ශනයට වැඩි වශයෙන්ම සහභාගි වන්නේ ඉන්දීය බහුජාතික සමාගම් නිසා එම ප්‍රදර්ශනය උතුරු පළාත් සභාව විසින් වර්ජනය කළ යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී තිබුණි.

මේ අවස්ථාවට යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීම මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් රැසක්ද ඉන්දීය කලා කරුවන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.


(under the courtesy of adaderana.lk news web)

More News »