බිළිඳිය මැරූ අවුරුදු 19 පියා 9 දක්වා බන්ධනාගාරයට

2018-01-28 03:28:00       724
feature-top
මාස එකහමාරක් පමණ වයසැති  තම කුඩා බිළිඳිය මරා කැලෑවක වළදැමූ සිද්ධිය පිළිබඳව සැකපිට අත්අඩංගුවට පත් පියා ලබන 09 වනදින දක්වා බන්ධනාගාර ගත කරනලෙස නාවුල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා නියෝග කළේය.  

මෙසේ බන්ධනාගාර ගතවුයේ ලග්ගල ප්‍රදේශයේ පදිංචි එල් .ජී .ප්‍රසන්න පාලිත නමැති 19 හැවිරිදි අයෙකි .

ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් මාඔය ප්‍රදේශදී මේ පුද්ගලයා  විසින් තම සිඟිති දියණිය මෙසේ ඝාතනය කොට  කැලෑවේ වල දමා ඇති බව පොලිසිය පසුගියදා තොරතුරු අනාවරණය කොට ගෙන තිබිණි . 

17 හැවිරිදි බාල වයස්කාර මවක් පසුගිය  (24) දින රාත්‍රීයේ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා හමුවී මේ බව හෙළි කිරීමෙන් පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අදාළ බාලවයස්කාර මව ලග්ගල පොලීසියට භාරදීමෙන් පසුව මෙහි තොරතුරු අනාවරණය කරගෙන ඇත .

මීට වසර කිහිපයකට ඉහත දී බාල වයස්කාර මෙම මව  ප්‍රේම සම්බන්ධතාවයක් මත තරුණයෙකු සමඟ විවාහ නොවී එක නිවසක ගතකිරීමත් සමඟ බාල වයස්කාර සිද්ධියකට නීතිමය කටයුතු සිදු කිරීමෙන් පසු මෙම දැරිය පරිවාස භාරයේ සිට ඇත.  

රිමාන්ඩ් භාරයේ සිට ඇප  මත නිදහස් වූ තරුණයා නැවත වරක් මෙම  තරුණිය  රැගෙන ගොස් ලග්ගල මාඔය ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

ඒ අතරතුරදී බාලවයස්කාර මෙම තරුණිය ගැබ්ගෙන පුංචි දියණියක්  මෙම පවුලට එකතු වී තිබේ. 

පසුව දියණියට මාස එකහමාරක් පමණ ගතවෙද්දී පසුගිය ජනවාරි මාසයේ  16 වන දින අඹු සැමි යුවළ අතර බහින් බස්වීමක් ඇතිවී එය ගැටුමක් බවට පත්ව තම සැමියා විසින් තම උකුලේ නිදාගෙන සිටි දියණියගේ හුස්ම හිර කොට ඝාතනය කර  සැමියාගේ මව සමඟ කැලෑවට රැගෙන ගොස් වළ දැමූ බව ඇය පොලිසියට ප්‍රකාශ කොට තිබිණි ..

මෙම ළමා ඝාතනය පිළිබඳව නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දියණිය වළ දැමු  ස්ථානයෙන් මළ සිරුර ගොඩගැනීම පසුගියදා සිදුකෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය 28 දින දඹුල්ල රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි .  

ලග්ගල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරක්ෂක  ඩබ්ලිව් .එම් .කේ .අමරසිංහ මහතා ඇතුළු පිරිස වැඩිදුර පරීක්ෂණ පවත්වයි .


(under the courtesy of adaderana.lk news web)

More News »