ට්‍රක්වලින් ඇවිත් එළදෙනුන් පැහැර ගිහින්

2018-01-28 01:09:00       733
feature-top
යාපනයේ ප්‍රදේශ කීපයකට ට්‍රක් රථවලින් පැමිණෙන පිරිසක් පළාතේ එළදෙනුන් පැහැර ගෙන යාමට පටන්ගෙන ඇති බවට යාපනයේ පොලීසි කීපයකටම පැමිණිලි ලැබී තිබේ.

මස් පිණිස එළදෙනුන් විකිණීම හා මස් කිරීම තහනම් නමුත් මේ සංවිධානාත්මක පිරිස රාත්‍රී කාලයට පැමිණ යාපනයේ වැසියන්ගේ එළදෙනුන් පැහැර ගෙන යනු ලබන්නේ මස් පිණිස යැයි යාපනයේ වැසියෝ කියා සිටිති.

මේ වන විට යාපනයේ විවිධ ප්‍රදේශ වලින් එළදෙනුන් 30 දෙනෙකු පමණ පැහැරගෙන  ගොස් ඇති නමුත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැත.


(under the courtesy of adaderana.lk news web)

More News »