ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ වේග පන්දු යවන්නා

2018-01-26 09:43:00       606
feature-top
සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ඉන්දීය වේග පන්දු යවන කී‍්‍රඩක ජස්පි‍්‍රට් බුම්රා ඊයේ සමත්වුණා. ඒ සත්කාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග ජොහැනස්බර්ග් නුවර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදීයි.

දකුණු අපි‍්‍රකානු දෙවන ඉනිමේදී ලකුණු 54 කට කඩුළු 5 ක් දවා ගැනීමට ජස්පි‍්‍රට් බුම්රා සමත් වුණා. ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 187ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පළමු ඉනිමට රැස්කළේ ලකුණු 194 ක් පමණයි.

දෙවන ඉනිම කි‍්‍රඩා කරන ඉන්දීය කණ්ඩායම දෙවන දිනය නිමා කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 41ක් ලබා සිටියා.




(under the courtesy of nethnews.lk news web)

More News »