ජනාධිපතිවරණය එළඹෙන අප්‍රේල් මාසයේ

2018-01-24 11:00:00       607
feature-top
එළඹෙන අප්‍රේල් මාසයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමට වෙනිසියුලානු රජය තීරණය කර තිබේ.

එරට ජනරැළියක් අමතමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ මේ බව නිල වශයෙන් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන්  කළේය.

ජනාධිපතිවරයා රැළිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ බොහෝමයක්  ප්‍රතිවාදීන් රටින් පිටවී ඇති අතර තවත් පිරිසක් සිර ගත වී ඇති බැවින් එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම ඉතා පහසු කටයුත්තක් බවයි.

කෙසේවෙතත් වත්මන් ජනාධිපතිවරයා හට ජනතා ප්‍රසාදය හිමි නොවනු ඇති බව හිටපු ජනාධිපති අපෙක්ෂකයෙකු වූ හෙන්රික් පවසා ඇත.

මහජන දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වත්මන් ආණ්ඩුව විසින් හෙන්රික්  හට ද වසර 15ක රාජ්‍ය සේවය තහනම් කර තිබේ.


(under the courtesy of adaderana.lk news web)

More News »