දක්ෂයෙක් වෙනුවට විනිසුරුවකුගේ පුතෙක්! යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් කණ්ඩායම තේරීමේදී අසාධාරණයක්

2018-01-24 08:56:00       674
feature-top
නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් තරගවලට තෝරා ගැනීමේදී නිලධාරීන් අසාධාරණ ලෙස තේරීම සිදු කර ඇති බවට චෝදනා එල්ල වනවා. කෙන්යාවට එරෙහිව ඊයේ (23) පැවති තරගයේදී ලකුණු 191ක් රැස් කරමින් යොවුන් කි‍්‍රකට් පිටියේ කී‍්‍රඩකයෙකු ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ හසිත බෝයගොඩ සමත් වුණා. විශේෂත්වය වන්නේ ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තානය සමග පැවති තීරණාත්මක තරග දෙක සඳහා එම කී‍්‍රඩකයා කණ්ඩායමෙන් ඉවත් කර තිබීමයි. ශී‍්‍ර ලංකාව මෙම තරග දෙක පරාජය වීමෙන් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාවද ගිලිහි ගියා.

ලෝක වාර්තාවක් තැබූ හසිත බෝයගොඩ වෙනුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විනිසුරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ශිරෝෂ ගුණතිලකගේ පුත‍්‍රයා වන සංතුෂ් ගුණතිලක පෞද්ගලික හිතවත්කම් මත කණ්ඩායමට එක්කර ඇති බවයි වැඩිදුරටත් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.

මෙම තේරිම් සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් පාසල් කි‍්‍රකට් තේරීම් කමිටුවෙන්ද විමසීමක් කළා. එහි සභාපති ඩිල්ෂාන් ද සිල්වා කියා සිටියේ මීට පෙර පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලි සඳහා සිය සංගමේ නිලධාරීන් දෙදෙනෙකු තේරීම් සඳහා එක්ව සිටි බවයි.

ශී‍්‍ර ලංකා යොවුන් පිලේ පන්දු යවන්නන් සහ පිතිකරුවන් නිසි ලෙස ස්ථානගත නොකිරීමෙන් මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාවට මූලික වටයෙන් ඉවත්වීමට සිදු වූ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.


(under the courtesy of nethnews.lk news web)

More News »