හෝටලයක වෙඩි තැබීමකින් 5 කට තුවාල

2018-01-21 02:04:00       615
feature-top
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවක්කුකරුවන් සිව් දෙනෙකු විසින් ඊයේ (20) පස්වරුවේ අදාළ හෝටලයට කඩා වැදී වෙඩි තැබීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් තුවක්කුකරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

කෙසේවෙතත් තුවක්කුකරුවන් සිදුකළ වෙඩි තැබීම්වලින් මියගිය පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

(under the courtesy of adaderana.lk news web)

More News »