පොහොට්ටුවේ හොඳ අයට පෙබරවාරි 7 වෙනකම් නිදහස් පක්ෂයේ දොරටුව විවෘතයි

2018-01-20 07:12:00       359
feature-top
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් නොවන බවත් එය වෙනම පක්ෂයක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසයි.

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කළාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් බවත් එහි දූෂණ වංචා වලට සම්බන්ධ නොමැති හොඳ කොටසක් සිටින බවත් එම පිරිසට පෙබරවාරි හත්වන දින දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොරටුව විවෘතව පවතින බවද හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කාළාය.

(under the courtesy of adaderana.lk news web)

More News »