කන්තලේට කාන්තා ලයිස්තුවක් දමා ඡන්ද ඉතිහාසය වෙනස්කරයි !

2018-01-20 04:10:00       362
feature-top

පළාත් පාලන මැතිවරණය සදහා කාන්තාවන් පමණක් ඉදිරිපත්වන අපේක්ෂිකා ලැයිස්තුවක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්ව තිබේ.

කන්තලේ පුරාම ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමක් ලෙස අරුලානන්දන් ජෙරාවදිනිගේ නායකත්වයෙන් යුක්තව එම කණ්ඩායම තරගවදියි.

මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂිකාවන් 13 දෙනෙක් හා අතිරේඛ ලේකනයට අපේක්ෂිකාවන් 11 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

එහි සිංහල මුස්ලිම් හා දෙමළ යන සියලුම ජාතින්ගෙන් සැදුම් ලත් අපේක්ෂිකාවන් සිටින අතර මැතිවරණ ඉතිහාසයේ කාන්තාවන් පමණක් එක් කණ්ඩායමකින් ඉදිරිපත්ව ඇති පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »