පස්කන්දට යටවූ අය මුදා ගැනීමේ මෙහෙයුමක්.. පුද්ගලයෙක් මරුට - 2ක් රෝහලේ

2018-01-20 02:49:00       360
feature-top
මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ ඉදිකරමින් තිබු බැම්මකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අද (20) පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

පස් කන්ද කඩා වැටීමෙන් ඊට පුද්ගලයන් දෙදෙනෙකු යට වී ඇති බවත් අනෙකුත් පුද්ගලයා මතට කොන්ක්‍රීට් මිශ්‍රණ යාන්ත්‍රණයක් කඩ වැටි ඇති බවයි පොලීසිය පැවසුවේ.

මහනුවර ගිනි නිවන ඒකකය, පොලීසිය හා ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පස් කන්දට යට වූ පුද්ගලයන් ගොඩට ගෙන රෝහලට ඇතුළත් කර තිබෙනවා.



(under the courtesy of nethgossip.lk news web)




More News »