ඉන්දිය ධීවරයින් ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කිරීම සියයට 50කින් අඩුවෙලා

2018-01-20 01:15:00       362
feature-top
ඉන්දිය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝණය  කිරිම සියයට 50කින් පමණ අඩුවී ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.

පසුගිය කාලසීමාව තුළ ඉන්දිය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරිම් ඉහල ගොස් තිබිණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිදු කළ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස ඉන්දිය ධීවරයින් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ධීවරයින් නීතිමය ක්‍රියාමාර්ග වලින් පසු නිදහස් කළ ද ඔවුන්ගේ ධීවර යාත්‍රා නිදහස් කිරිමට කටයුතු නොකිරිමත් සමඟ ඉන්දිය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරිම අඩුවී ඇති බව සඳහන්ය.

පසුගිය දින කිහිපය තුළ ද මෙරට මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දිය ධීවර යාත්‍රා කිහිපයක් ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන තිබිණි.

මෙහිදී අත්අඩංගුවට ගත් ධිවරයින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලින් අනතුරුව නිදහස් කරන බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.



(under the courtesy of adaderana.lk news web)

More News »