ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව මානව හිමිකම් පරික්ෂණක්

2018-01-20 01:13:00       206
feature-top
බදුල්ල දෙමළ බාලික විද්‍යාලයේ විදුහල්පතිනියට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාව පරික්ෂණක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අදාළ ගුරුවරියගෙන්   මේ වන විටත් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව එම කොමිසම සඳහන් කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදිමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව සඳහන් කළේය.

ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලිපියකට ළමයෙකු පාසලට ඇතුලත් කර ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම  විදුහල්පතිනියට තර්ජනය කර තිබේ.

පසුගිය ජනවාරි මස 02 වන දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවස තුළදී තමන් ප්‍රධාන අමාත්‍යවරයාගේ තර්ජන හමුවේ දනගසා සමාව ගත් බව මෙම විදුහල්පතිනිය ඊයේ (19) දිනයේ අනාවරණය කළේය.

කෙසේවෙතත් මීට පෙර මෙම විදුහල්පතිනිය ප්‍රකාශ කර තිබුණේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ  තමාට එවැනි තර්ජනයක් එල්ල නොවූ බවයි.

අදාළ ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ද තමාට එල්ල වූ තර්ජන හමුවේ බව ද විදුහල්පතිනිය ඊයේ දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »