සූර්වී අඬදබර කරගත් තිදරු පියා පුතා හා ලේලියගේ පොලු පහරින් නසී..!

2018-01-20 11:53:00       718
feature-top
මත්පැන් පානය කර නිවසට පැමිණි පුතා හා ලේලිය සමඟ අඬදබර කරගත් 60 හැවිරිදි තිදරු පියකුට පුතා හා ලේලිය විසින් 18 වැනිදා පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි පයාගල පොලිසිය පවසයි. 
 
 මෙසේ මරුමුවට පත්වී ඇත්තේ පයාගල කළුකම්බිලි දේවාලය අසල හල්කඳවිල පදිංචිව සිටි පහළගේ උපාලි නමැත්තෙකි.
 
 පොලිසියට ලැබුණ දුරකථන ඇමතුමක්‌ අනුව පරීක්‍ෂණ පවත්වා නිවස තුළ තිබූ මළසිරුර සොයාගත් බව 18 වැනිදා පයාගල පොලිsසිය කළුතර වැඩබලන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කළේය. මළසිරුර නිරීක්‍ෂණය කළ විනිසුරුවරයා සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස කළුතර නාගොඩ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරිට නියෝග කළේය.


(under the courtesy of divaina.com news web)

More News »