යහපාලනය රැකගන්න උපදේශක සභාවක් !

2018-01-20 10:28:00       698
feature-top

යහපාලන රජයේ සංහිඳියාව තහවුරු කර ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරන උපදේශක සභාවක් පත් කිරීමේ යෝජනාවක් අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එජාපයේ හා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිරිසක් සූදානම් වෙති.

ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ රජයේ ඉදිරි කටයුතුවලට ඇතිවිය හැකි බාධා ඉවත් කිරීමේ අපේක්ෂාවෙනි.

යහපාලන ජාතික රජය පවත්වාගෙන යෑමේදී දෙපාර්ශ්වයේම මැති ඇමැතිවරුන්ට මුහුණදීමට සිදුවන ප්‍රශ්න හා ගැටලු මේ උපදේශක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒවාට විසඳුම් ලබාදීමෙන් යහපාලන රජයේ සංහිඳියාව තහවුරු කර රජය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට අවකාශ සැලසෙන බවද එම ඇමැතිවරුන් පිරිසගේ අදහස වී ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පෙළ ඇමැතිවරුන් පිරිසක් හා එජාප ඇමැතිවරුන් පිරිසක් ඉදිරි සතියේ සාකච්ඡා කිරීමට නියමිත අතර මලික් සමරවික්‍රම හා සරත් අමුණුගම යන ඇමතිවරුන් ඊට මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටිති.

 
(under the courtesy of srilankamirror.lk news web)

More News »