බැඳුම්කර පරීක්ෂණයට CIDයට වසරක් !

2018-01-14 03:12:00       136
feature-top
නීතිපතිට යොමු කර ඇති මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට විමර්ශන සිදු කිරීමේ දී රහස් පොලිසිය සතු පිරිස් බලය අනුව සමස්ත අධිකරණ ක්‍රියාවලියට වසරක කාලයක් ගතවිය හැකි බැවින් 200ක පමණ පිරිසක් විමර්ශනවලට අවශ්‍ය වන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙසේ වසරක කාලයක් ගතවන්නේ පරීක්ෂණ කටයුතු සඳහා බවත්, ඒ සඳහා නඩු පවරා තීන්දුවක් ලැබීමට තවත් වසරකට වැඩි කාලයක් ගතවනු ඇතැයි නීතී කේෂත්‍රයෝ ප්‍රවීනයෝ කියති.

ජනාධිපති කොමිසම මගින් ලබාගත් ප්‍රකාශ හා සාක්ෂි නැවතත් මුල සිට අධිකරණ කටයුතු සඳහා දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව ලබා ගැනීමටද සිදුවන බව පැවසේ.

රහස් පොලිසිය විසින් සිදුකරනු ලබන අනෙකුත් විමර්ශන අතරේ මෙයට ප්‍රමුඛතාවය දීමට රහස් පොලිස් නිලධාරීන්ට අමතරව මූල්‍ය කටයුතු ගැන විශේෂඥ දැනුම ඇති දේශීය විදේශීය විශේෂඥයින් කිලී පදනම මත ලබා ගැනීමට සිදුවන බවද එම නිලධාරියා අනාවරණය කළේය.

මේ සඳහා රජයේ විගණකාධිපතිවරයාගේ නිර්දේශ මත විශේෂඥ දැනුම ඇති කණ්ඩායම් බඳවා ගැනීම සිදුකරන බවද පැවසේ.

(under the courtesy of srilankamirror.lk news web)

More News »