හෙට පාසල් නිවාඩු දිනයක් බවට පලවන වාර්තා අසත්‍යයි - අධ්‍යාපන අමාත්‍යාංශය

2018-01-14 01:35:00       184
feature-top
හෙට දින පාසල් නිවාඩු දිනයක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කළේ, පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය හේතුවෙන් එම පියවර ගත් බව ය.

තෛපොංගල් උත්සවයට සමගාමීව හෙට දින පාසල් වසා දැමෙන බවට පලවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර, මධ්‍යම සහ ඌව පළාතේ, දමිළ මාධ්‍ය පාසල් සඳහා හෙට දින නිවාඩු දිනයක් බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

ඒ සම්බන්ධයෙන්, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, හෙට දින පාසල් නිවාඩු දිනයක් ලබා දී නොමැති බව ත් සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව ය.

ඌව පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්. රත්නායක මහතා ප්‍රකාශ කළේ, තෛපොංගල් උත්සවය වෙනුවෙන්, හෙට දින පළාතේ දමිල මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබා දී ඇති බව ය.

ඒ වෙනුවට ලබන සෙනසුරාදා පාසල් පැවැත්වීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

(under the courtesy of newsfirst.lk web)

More News »