70 වැනි නිදහසට රැජිනිගේ බාල පුතා ලංකාවට !

2018-01-14 11:41:00       122
feature-top
නිදහස් ශ්‍රී ලංකාවේ 70 වැනි සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එඩ්වඩ් කුමාරයා සහ කුමරිය මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු මෙම උත්සවයට සහභාගිවීමට නියමිතය.

වෙසෙක්ස් හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු දෙවැනි එලිසබෙත් රැජිනගේ හා පිලිප් කුමාරයාගේ බාලපුතණුවන්ය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කළ නිල ආරාධනාවකට අනුව එඩ්වඩ් කුමාරයා හා කුමරිය මෙරටට පැමිණෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි.

ජනවාරි මස 31 වන දින මෙරටට පැමිණෙන එඩ්වඩ් කුමාරයා කුමරිය හා දූ දරුවන් පෙබරවාරි 04දා දක්වා මෙරට රැඳී සිටින අතර ජනාධිපති අගමැති ප්‍රමුඛ පක්ෂ නායකයින් රැසක් ද මුණ ගැසීමට නියමිත බවද ස්වදේශ කටයුතු ඇමැතිවරයා සඳහන් කළේය.

(under the courtesy of srilankamirror.lk news web)

More News »