කොළොන්නාව ශ්‍රීලනිප සහ පොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් එජාපට

කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැළුන ප්‍රබල සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ අතින් පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.
මෙහිදී කොළොන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීන් වන සුදත් සේනක, චින්තක මුතුකුමාරණ යන මහත්වරුන් සමග මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාව නගර සභාවේ අපේක්ෂකයින් වන සමන් නිශ්ශංක, මංජුලා හේරත් යන මහත්ම මහත්මීන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ අපේක්ෂක සහ ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වෙලින්ටන් කහදවලආරච්චි මහතා ද ඇතුලුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණු ක්‍රියාකාරී සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් කොළොන්නාවේ සංවර්ධනය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතා විසින් සිදු කරන වැඩපිළිවෙල සම්බන්ධව පැහැදීමකට පත්ව සිටින නිසා මෙසේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කල බව මොවුන් මෙහිදී පැවසුහ.



තිසරත් ඇතුලත් වන ලෝක කුසලාන කණ්ඩායම ලෝඩ්ස් පිටියේ තරග වදින හේතුව මෙන්න
2018-04-20 05:04:00ගතවූ පැය 24 රිය අනතුරුවලින් 07ක් මරුට
2018-04-20 03:06:00අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරයි
2018-04-20 02:53:00රැජිණ මීළඟ නායකයි ගැන ඉඟි පලකරයි
2018-04-20 01:58:00ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !
2018-04-20 12:34:00සංගීත් අලුත් පෙමක පැටලෙයි? සංගීත් - විදුෂි දෙපළට හැමතැනින්ම සුබ පැතුම්
2018-04-20 12:32:00කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)
2018-04-20 12:28:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com