ණය මුදල් නැවත අයකර ගැනීම ජනපති නියමයෙන් නවතී

2018-01-07 08:13:00       701
feature-top
සමෘද්ධි ලාභීන් වෙත ලබාදී ඇති “ඉසුරුමත් නිවහනක්“ නිවාස ණය මුදල් නැවත අයකර ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අත්හිටුවා තිබේ.

සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභීන් වෙත නිවාස අලුත්වැඩියාව සඳහා සමෘද්ධි බැංකුව මඟින් රුපියල් 2500ක ණය මුදලක් ලබාදී තිබූ අතර එය වාරික 10කින් නැවත අයකර ගැනීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් අදාළ මුදල් නැවත අයකර ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සියලු සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට දැනුම් දී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

More News »