ආවා ගෲප් යැයි කියමින් වෙළෙඳ සැලක් කොල්ලකයි

2018-01-03 09:04:00       714
feature-top
යාපනයේ '' ආවා ගෲප්'' කල්ලියේ පිරිසක් යැයි කියමින් නාවාලි අට්ටකරී ප්‍රදේශයේ වෙළෙද සැලකට ඇතුළු වී එම වෙළෙද  සැල් හිමියා බියකොට  2 දා රාත්‍රී වෙළද සැල කොල්ල කෑ තරුණයින් හතර දෙනෙකු හා ඔවුන් පැමිණි යතුරු පැදි තුනක් මනිපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවසත් වෙළෙද සැලත් යාබදව පිහිටි මෙම ස්ථානයට කළු රෙදි වලින් මුහුණු ආවරණය කරගෙන රාත්‍රී කාලයේදී පැමිණි තරුණයින් හතර දෙනා ඔවුන්ව හදුන්වා ඇත්තේ තමන් යාපනයේ ක්‍රියාත්මක ''ආවා ගෲප්'' කල්ලියේ  සාමාජිකයින් පිරිසක් වශයෙනි.

මේ අන්දමට ව්‍යාපාරිකයා බිය කොට ඔහු ලවා රාත්‍රීයේදී වෙළෙඳ සැල විවෘත කරවාගෙන වෙළෙද සැල තුල තිබූ භාණ්ඩ කොල්ල කා ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් 35000 ක මුදලක් ද පැහැරගෙන ගොස් තිබේ.

ව්‍යාපාරිකයා මේ පිළිබදව මනිපායි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව  පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ මෙහෙයවා අද (3) දා දහවල් සැකකරුවන් හතර දෙනා හා ඔවුන් පැමිණි යතුරු පැදි තුනක් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »