ඒකාබද්ධය පොහොට්ටුවෙන් පුංචි ඡන්දෙට

2018-01-03 08:06:00       830
feature-top
ඒකාබද්ධ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පොහොට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වදින බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ආණ්ඩුව මේ කාලපරිච්ඡේදයේ අසාර්ථකම ආණ්ඩුව බවට ඔප්පු කර තිබෙන බවත් මහ කන්නයට පොහොර ලබා දීමටද ආණ්ඩුව අපොහොසත්වී ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුවේ ඡන්ද ආණ්ඩුවෙන්ම කැඩී යාම හේතුවෙන් මනෝ ගනේෂන් අමාත්‍යවරයා වෙනම තරඟ කිරීම නිසා ඔහුගේ ආරක්ෂාව වැඩි කිරීමට ඉල්ලා ඇති බවත් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසමේ වාර්තාව ජානාධිපතිවරයාට බාර දී ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ යුතුකමක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

More News »