සේවාව අගයමින් ජනපතිටත් ජාත්‍යන්තර සම්මානයක්

2018-01-02 05:13:00       728
feature-top
මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීම සඳහා රාජ්‍ය නායකයෙකු ලෙස සිදු කරන සේවාව අගයමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබේ.

මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් ජනාධිපතිවරයා වෙත මෙම විශේෂ සම්මානය පිරිනමා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ලෝකේ රටවල් 40 ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 87 ක සහභාගීත්වයෙන් පසුගිය නොවැම්බර් මස 08 වන දා චීනයේ මැකෝ හි පැවති මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මානය අද දිනයේ ජනාධිපතිවරයා වෙත පිලිගන්වා තිබේ.

මත්ද්‍රව්‍ය වලට එරෙහි සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති සරත් එම්. සමරගේ මහතා විසින් මෙම සම්මානය ජනාධිපතිවරයා වෙත පිලිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



(under the courtesy of adaderana.lk news web)

More News »