අලුත් අවුරුද්ට දඹුල්ල රෝහලට ලැබුණු අපූරු තෑග්ග

2018-01-02 05:09:00       712
feature-top
2018 වසර ආරම්භයත් සමගම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ විසි හත් හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදු කළාය.

මෙසේ තුන් නිවුන් දරුවන් බිහි කොට ඇත්තේ දඹුල්ල  පහල ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ප්‍රියානි මලීකා  ප්‍රනාන්දු එක්දරු මවකි.

දඹුල්ල රෝහලේ මාතෘ හා ළමා වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියන් නව වසරේ මෙම තුන් නිවුන් දරු උපත සැලවීමත් සමඟ දැඩි සතුටට පත්ව සිටින අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

දඹුල්ල රෝහලේ ප්‍රසව හා නාරි විශේෂ දොස්තර හිරන්ති සෝලංගආරච්චි මහත්මිය විසින් මේ සාර්ථක දරුවන් උපත සදහා වෛද්‍ය දායකත්වය ලබාදී ඇත .

මෙම දරුවන් තිදෙනාම ගැහැණු දරුවන් වීම විශේෂත්වයකි .දරුවන් තිදෙනාම ඉතාමත් හොඳ නීරෝගී තත්ත්වයේ පසුවන බව වෛද්යදවරු සඳහන් කරති.

මෙම දරුවන්ගේ මව  ප්‍රනාන්දු මහත්මිය කියා සිටියේ තමන්ට මීට පෙර එක් පුතෙකු සිටින බවත් එම පුතාට වයස අවුරුදු 5 ක් සපුරා ඇති බවයි.

එමෙන්ම තම සැමියා කොළඹ ප්‍රදේශයේ ලොරියක සේවය කරන අයෙකු බවත් දරුවන් තිදෙනා හදාවඩා ගැනීම සඳහා ආර්ථික දුෂ්කරතා පවතින බවය.

දඹුල්ල මූලික රෝහලේ මාතෘ වාට්ටුවේ හෙද සොයුරියන් කියා සිටියේ දැනට අලුත උපන් දියණියන් තිදෙනාට මවගේ කිරි ප්‍රමාණවත් බවත් මව පෝෂණය කිරීමේ කටයුතු සිදු කළ යුතු බවය.

දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්යෙ ගාමිණී සේනානායක මහතා කියා සිටියේ තුන් නිවුන් දරුවන්ගේ මෙන්ම මවගේ ද  සෞඛ්‍ය හොඳ තත්ත්වයෙන් පැවතීම නිසා අද (2) දින මෙම පිරිස රෝහලෙන් නික්ම යෑමට හැකියාව පවතින බව ය.

(under the courtesy of adaderana.lk news web)

More News »