නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජනතා පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

2018-01-02 04:55:00       722
feature-top
කොළඹ මහ නගර සභාවට තම පක්ෂය විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජාතික ජනතා පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පක්ෂයේ ලේකම් ජනාධිපති  නිතීඥ ශ්‍රීනාත් පෙරේරා ඇතුළු  අපේක්ෂකයින් තිදෙනෙක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතිය පටහැනි බවත් එම නිසා නාම යෝජනා පත්‍රය නැවත භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එසේම පෙත්සම විභාග කර තීන්දුවක් ලබා දෙන තෙක් කොළඹ මහ නගර සභාව සඳහා මැතිවරණක් පැවැත්වීම වලක්වාලමින්  අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

(under the courtesy of adaderana.lk news web)

More News »