මතට තිත ජනපති මෙහෙවර අගයමින් විශේෂ සම්මානයක්

2018-01-02 04:53:00       732
feature-top
ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන  මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් පසුගියදා ජනාධිපතිවරයාට විශේෂ සම්මානයක් පිරිනමා තිබේ.

ලෝකයේ රටවල් 40ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 87 ක සහභාගිත්වයෙන් පසුගිය නොවැම්බර් 08 වනදා චීනයේ මැකාවෝහි පැවැති මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මානය මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මත්ද්‍රව්‍යවලට එරෙහි සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති වෛද්‍ය සරත් එම්. සමරගේ මහතා විසින් සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

සමාජ පිළිලයක් වූ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ලබාදෙන දූරදර්ශී සහ ස්ථීරසාර නායකත්වය ද, වසර 2020 වන විට ශී‍්‍ර ලංකාව තුළ දුම්කොළ භාවිතය තුරන් කිරීම සඳහා ගන්නා ලද තීරණය සහ ඒ වෙනුවෙන් සිදුකරන කැපවීම ද, ශ‍්‍රී ලාංකීය ජන සමාජය තුළ මත්ද්‍රව්‍යවලින් තොරවීමේ ඇති වටිනාකම තහවුරු කරමින් වියැකෙමින් පවතින බොදු සාරධර්ම සහ ආධ්‍යාත්මික ගුණවගාවන් ප‍්‍රතිස්ථාපනය කිරීම උදෙසා සිදුකරන අමිල මෙහෙවර ද මෙහිදී වැඩිදුරටත් ඇගයීමට ලක් කර තිබුණි.

මේ අතර මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් සිය ශ‍්‍රමය සහ ධනය කැප කරමින් දශක තුනකට අධික කාලයක් පුරා සිදුකරන ලද මෙහෙවර අගයමින් ,මිතුරු මිතුරෝ සංසදයේ, නිර්මාතෘ පූජ්‍ය කුප්පියවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ වෙත මෙම ජාත්‍යන්තර සම්මේලනයේදී පිරිනැමුණු සම්මානය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.

ඇමතිනි තළතා අතුකෝරාළ මහත්මිය සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප‍්‍රනාන්දු,මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(under the courtesy of adaderana.lk news web)

More News »