බැදුම්කර වාර්තාව ගැන ජනපති කතා කරයි

2018-01-02 04:06:00       728
feature-top
මහ බැංකුවේ බැදුම්කර වංචාව පිළිබඳව විමර්ශය කළ ජනාධිපති කොමිසම ලබා දුන් වාර්තාව හා එහි නිර්දේශ පිළිබඳ දැනුවත් කිරීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් හෙට (3 දා) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවා ඇත.

ජනාධිපතිවරයා මේ බව සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසා තිබේ.

පසුගිය 30 වැනිදා ජනාධිපති කොමිසමේ සාමාජිකයන් විසින් එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සාකච්චා කිරීම සදහා හෙට දිනයේ නීතිපතිවරයා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබේ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »