තරංග හොරු අල්ලන්න TRC එකෙන් අලුත් දැලක්

2018-01-02 04:03:00       845
feature-top
නීති විරෝධී සංඛ්‍යාත විමෝචන උපකරණ ක්‍රියාත්මක කළහොත් විනාඩි කිහිපයක් තුළදී හඳුනා ගැනීමට හැකිවන ස්වයංක්‍රීය සංඛ්‍යාත පිරික්සුම් මධ්‍යස්ථාන මේ වසරේදී දිවයින පුරාම අවරණය වන පරිදි ස්ථාපනය කිරීමට සැරසෙන බව වාර්තා වේ.

ඒ මගින් නීති විරෝධීව ගුවන් විදුලි තරංග විමෝචන උපකරණ හා භාවිතා කරන්නන් ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට හැකිවන බව පැවසේ.

කෙසේවුවද, මේ අතර නීති විරෝධීව දැරණියගල නගරයේ සිට විකාශනය කළ එෆ්.එම්. නාලිකාවක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව විසින් පසුගියදා වටලා තිබිණි.

අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව සතු අති නවීන පිරික්සුම් පද්ධතිය මගින් මෙම ස්ථානය වැලටලූ බවද පැවසේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගත් නිසි බලපත්‍රයක් නොමැතිව ගුවන් විදුලි තරංග විමෝචක උපකරණ භාවිතා කිරීම 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත හා සංශෝධිත 1996 අංක 27 දරන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.



(under the courtesy of srilankamirror.lk news web)

More News »