න්‍යෂ්ටික බොත්තම මගේ ළඟ - කිම්

2018-01-02 02:24:00       720
feature-top
න්‍යෂ්ටික අවි දියත් කිරීමේ බොත්තම ඇත්තේ සිය මේසය මත යැයි උතුරු කොරියානු නායක කිම් ජොං-අන් පවසයි.

නව වසර සඳහා රූපවාහිනිය ඔස්සේ කතාවක් සිදුකරමින් ඔහු මේ බව පවසා තිබේ.

මේ හේතුවෙන් යුද්ධයක් ඇරඹීමට ඇමෙරිකාවට නොහැකි වන බවත්, මෙම න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක වන පරාසයට ඇමෙරිකාවත් අයත් බවත් ඔහු සඳහන් කරයි.

මෙය තර්ජනයක් නොව පවතින සත්‍යය බවද හෙතෙම පවසා ඇත.

තවද, දකුණු කොරියාව සමග සාකච්ඡා ඇරඹීමට ද සූදානම් බවත්, සෝල් හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට උතුරු කොරියාවෙන් කණ්ඩායමක්ද යැවීමේ හැකියාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර, මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනපතිවරයා ගේ ප්‍රතිචාර විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ‘අපි බලමු’ යන්නයි.



(under the courtesy of srilankamirror.lk news web)

More News »