කොමිසම් වාර්තා ඉල්ලා ජවිපෙ, ජනපති ලේකම් කාර්යාලයට

2018-01-02 02:19:00       721
feature-top
මහබැංකු බැඳුම්කර පරීක්ෂණ වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ සිද්ධීන් පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද (02) ජනාධිපති කාර්යාලයට ලිපියක් භාර දෙනු ලැබිය.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබද පනත යටතේ අදාළ ඉල්ලීම ඇතුළත් ලිපිය භාර දුන්නේ ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරියා වන ජනාධිපති අතිරේක ලේකම් ඩී.කේ.එස් රවීන්ද්‍රන් මහතා වෙතය.

JVP1මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සිදුවූ බව කියන බරපතල වංචා හා දූෂණ සිද්ධීන් 17 ක් පිළිබද පරීක්ෂණ වාර්තා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇත.

අද (02) පස්වරුවේ මෙම වාර්තා ජනාධිපතිවරයා වෙත භාර දෙන බව එහි ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා සදහන් කළේය.

2010 වසරේ ජනවාරි මස පළමුවනදා සහ 2015 ජනවාරි මස පළමුවනදා අතර කාලයේ සිදුවූ බරපතල වංචා හා දූෂණ සිද්ධීන් මෙන්ම රාජ්‍ය බලය අවභාවිත කිරීමේ සිද්ධීන් පිළිබදව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළේ 2015 වසරේ මාර්තු මස 15 වනදාය.

අවස්ථා 5 කදී කොමිසමේ කාලය දීර්ඝ කෙරුණු අතර, එහි කාලය පසුගිය වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන් විය.

අද භාර දෙන වාර්තා අතරට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස සහ කඩ කාමර රජයේ තක්සේරු මුදලට වඩා අඩු මුදලට, ඥාතීන්ට සහ හිතවතුන්ට ලබාදුන් බවට හිටපු නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව සිදුකළ විමර්ශනය පිළිබද තොරතුරු ද ඇතුළත්වේ.


(under the courtesy of srilankamirror.lk news web)

More News »