රාජ්‍ය සේවකයන්ට නිල නිවාස

2018-01-02 01:51:00       699
feature-top
රාජ්‍ය සේවකයන් සඳහා නිල නිවාස ක්‍රමයක් ‘නිල සෙවණ‘ වැඩසහටහන යටතේ ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (2දා) 2018 වසරේ රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදෙමින් නව වසරේ වැඩ ඇරඹීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘‘පසුගිය අවුරුදු තුනේ මේ රජයට පුළුවන් වුණා ලක්ෂ 14 ක් වන රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කරන වැටුපක් ලබාදෙන්න. අපට ඕනෑ 2018 වර්ෂයේ දුෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය සේවයක් ඇති කිරීමටයි‘‘ යැයි ද පැවසීය.



(under the courtesy of nethnews.lk news web)

More News »