බාල කිරිපිටි ආනයනයට තිත

2018-01-02 01:06:00       708
feature-top
මෙරටට බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගම්වලට එරෙහිව සතියක් ඇතුළත අවශ්‍ය පියවර ගන්නා බව ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පි.හැරිසන් මහතා අවධාරණය කරයි.

අඹේවෙල හයිලන්ඩි කිරිපිරි කර්මාන්ත ශාලාවේ ඊයේ (01) නීරික්‍ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව පැවසීය.

රටේ අවශ්‍යතාවයට පමණක් කිරිපිරි ආනයන කිරිමටත් දේශිය කිරිපිටි කර්මාන්ත නඟා සිටුවිමටත් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා කියා සිටි‌යේය.

මෙරටට නිෂ්පාදනය කරන අයිස් කි‍්‍රමි යෝගටිවලටද ප‍්‍රමිතියක් හඳුන්වා දිමට කටයුතු කරන බවත් පැවසු අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය බලයට පත්වන විට මෙරට දියර කිරි පරිභෝජනය 20%ක් තිබු බවත් එය මේ වන විට 50% ආසන්න ප‍්‍රමාණයකට ගෙනවිත් ඇති බවත්ය.

දියර කිරි දේශිය කිරි කර්මාන්තය නංවාලිම සඳහා පාසල් ළමුන් අතර දැනට ලබා දෙන දියර කිරි පෙර පාසල් ළමුන්ටද ලබා දිමට ඉදිරියේදි කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

තවද කිරිපිටි භාවිතය වෙනුවට දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට 2020 වසර වන විට සැලසුමි කර ඇති බවත් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් කියා සිටියහ.



(under the courtesy of srilankamirror.lk news web)

More News »