විද්‍යුත් තරංග නම්බර් ප්ලේට්දීම ඇරඹෙයි

2018-01-02 12:21:00       735
feature-top
මේ වසරේ සිට වාහන අංක තහඩු සඳහා ගුවන් විදුලි තරංග හැඳුනුමක් (RFID – Radio Frequency Identification) එක් කිරිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලැසුම්කර තිබේ.

මේ ක්‍රමවේදය මේ වන විට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක කරන බව එහි කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.

ඒ අනුව දැනට වාහන සඳහා මෝටර් රථ ප්‍රරවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩුව වෙනස් කරමින් ලබන වසරේ සිට ඒ සඳහා නව පහසුකමක් එක්කිරීමට නියමිත බව පැවසේ.

අංක තහඩු මුද්‍රණයට අනුමැතිය දී ඇති ආයතනයේ ටෙන්ඩර් කාලසීමාව ලබන වසරෙන් අවසන්වීමට නියමිතව ඇති අතර ඒ අනුව ලබන වසරේ දී අලුතින් ටෙන්ඩර් කැඳවීමේ දී නව උපාංගය සහිතව අංක තහඩු මුද්‍රණය කිරීමට හැකි සපයන්නකු තෝරාගැනීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
(under the courtesy of srilankamirror.lk news web)

More News »