සුරාබදු කොමසාරිස්ගේ නිවසට බෝම්බ ගසයි

2018-01-02 12:16:00       721
feature-top
වයඹ පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ මාකදුර ප්‍රදේශයේ පිහිටි නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අද අළුයම 01.00 ට පමණ මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බව පන්නල පොලීසිය සඳහන් කළේය.

බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ වයඹ පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ලෙස්ලි ජයන්ත රණවීර මහතා නිවසේ සිට ඇති බවද පොලීසිය පැවසුවේය.

අත් බෝම්බ ප්‍රහාරය නිවසේ ගරාජයට එල්ල වී ඇති අතර ඉන් එහි තිබූ වාහන 03 කට අලාභහානි සිදුව තිබේ.

කුමන අරමුණකින් මෙම ප්‍රහාරය එල්ල කළේද යන්න පිළිබඳව අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පන්නල පොලීසිය විමර්ශන සිදු කරයි.
(under the courtesy of srilankamirror.lk news web)

More News »